සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරැ පොදු සමාගමේ (ඩීමෝ) නවතම හඳුන්වා දීම වන Mercedes-Benz A-Class Sedan රථය පසුගියදා නිමාවට පත් වූ ටේස්ට් ඔෆ් යුරෝප් ෆුඩ් ෆෙස්ටිවල් හීදී ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. ඩීමෝ ආයතනය විසින් ප්‍රධාන අනුග්‍රහකත්වය දැක්වූ මෙම උළෙල කොළඹ Arcade Independence Square හිදී සාර්ථකව නිමාවට පත් විය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ ආයතනයේ Mercedes-Benz සඳහා සාමාන්‍යධිකාරී රජීව් පණ්ඩිතගේ මහතා පවසා සිටියේ ඩීමෝ ආයතනයට මෙම උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ හෙතෙම බෙහෙවින් සතුටට පත් වන බවයි. Mercedes-Benz සන්නාමය සමඟ මෙම උළෙලේ තේමාව සහ යුරෝපීය සංස්කෘතිය මනාව ගැලපෙන හෙයින් නවතම Mercedes-Benz A-Class Sedan රථය හඳුන්වා දීමට මෙය අවස්ථාවක් කරගත් බවත් හෙතෙම පැවසුයේය. MBUX Infotainment system ඇතුළුව උසස්ම තාක්ෂණය සහ අංගෝපාංග රැසකින් සමන්විත මෙම රථය තරැණ පරපුරෙහි අවශ්‍යතා සහ වෙනස්වන වුවමනා මැනවින් හඳුනා ගනිමින් ඔවුන් සඳහාම නිපදවූ රථයකි. ටේස්ට් ඔෆ් යුරෝප් ෆුඩ් ෆෙස්ටිවල් සඳහා සහභාගී වූ සියලු දෙනා හට මෙන්ම මෙම රථයේ අත්දැකීම විඳගැනීමට පැමිණෙමින් මෙම හඳුන්වා දීම සාර්ථක කර ගැනීම වෙනුවෙන් කැපවූ සියලු දෙනා හට ස්තුතිය පළ කිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා යනුවෙන් හෙතෙම වැඩි දුරටත් පැවසුයේය.
මෙම නවතම Mercedes-Benz A-Class Sedan රථය සුඛෝපභෝගී සහ වඩාත් ආරක්ෂිත විශේෂාංග රුසකින් සමන්විතව නිපදවා තිබේ. අශ්ව බල (horsepower) 163, වේග 7 ක් කරා ස්වයංක්‍රීයව වේග හුවමාරැව සිදු වන ලීටර 1.4 ටර්බෝචාර්ජ් එන්ජිමක් (turbocharged engine), Burmester sound system හා Wireless phone charging ඒ අතර සුවිශේෂී වේ. එසේම මෙහෙදී යොදා ගෙන ඇති ආරක්ෂිත පද්ධති Mercedes-Benz A-Class Sedan රථ සඳහාම වෙන් වූ ඉතා විශිෂ්ට ඉංජිනේරැ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර ඇත.
Air Bag 7 කින් සමන්විත Mercedes-Benz A-Class Sedan රථය driving assistance හා ආරක්ෂක පද්ධතිවලින් (safety systems) ද සමන්විතය. මෙම රථය තුළ දක්නට ලැබෙන අනිකුත් ප්‍රධාන විශේෂාංගන් අතරට go-handsfree access, panoramic sliding sunroof, memory seats, semi-automatic driving assistance එක් කළ හැක. Mercedes-Benz හි උසස්ම තත්ත්ව පරීක්ෂාවක් සමගින් A-Class Sedan ඉහළම ආරක්ෂාවක් සිය වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් සහතික කරයි.
ටේස්ට් ඔෆ් යුරෝප් ෆුඩ් ෆෙස්ටිවල් හිදී බොහෝ දෙනාගේ ආකර්ශනයක් දිනා ගැනීමට Mercedes-Benz A-Class Sedan රථය සමත් වූ අතර, මෙම උළෙලට පැමිණි සියලු දෙන හට යුරෝපයට අවේණික වූ ආහාර සහ එම සංස්කෘතිය පිළිබඳ මනා වැටහීමක් ලබා ගැනීමටත් හැකි විය.